දෙහි මලක් වගේ හැඟෙයි ඔබත්
සිප ගත්තම සුවඳ නො දැනෙනා
දෙහි මලක් වගේ හැඟෙයි ඔබත්
දුර උන්නම සුවඳ ගෙන එනා
දුක දෙකට බෙදා එකට හිඳිමු කියා ළං වුණා
ඔබ දුරක ගියා මගේ සතුට අරන් වෙන් වුණා
දුර යන්න යන්න ඔබේ සුවඳ තවත් ළං වුණා...//
ඔබ යන්න ගියත් මගේ වරද කියා රිදවලා
මට අහන් ඉන්න නො හැක තවත් කරන චෝදනා
ඔබ දුරින් ඉන්න ඔබේ සුවඳ විඳිම් තනි වෙලා...//
උපාලි බණ්ඩාර වීරසේකරයන් විසින් රචිත කිංස්ලි පිරීසුන් විසින් ගැයෙන මේ ගීය රස විඳීමේ භාග්‍ය මට මෑතක දී උදා විය. එහි පදරුත් සරල ය එහෙත් එහි ධ්වනිතාර්ථ ගැඹුරු ය....
No comments:
Post a Comment