Monday, 21 April 2008

පාර දිගේ ?


මගේ බ්ලොග් අඩවියට “පාර දිගේ...” යැයි නම් තැබුවේ ඇයි දැයි යමෙකු මගෙන් අසනු ඇත. එබැවින් ඒ පිළිබඳ කෙටි සටහනක් තබමි. “පාර දිගේ” යනු වර්ෂ 1980 දී ධර්මසේන පති‍රාජයන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු සිනමා කෘතියකි. එහි තිරපිටපත සකස් කළේ අජිත් තිලකසේනයන් විසිනි. නාගරික පරිසරයක තම ජීවිතයේ ස්ථාවරභාවය ගොඩ නඟා ගැනීමට පොර බදන යෞවනය ඉන් ඉතා සුවිශිෂ්ට අන්දමින් විදහා දැක්විණි. එය පතිරාජයන්ගේ සමාජ-දේශපාලන විඥානය හා නිසඟ ප්‍රතිභාව මනා ලෙස සංකලනය වීමෙන් බිහි විණැයි සිතමි.
මේ සිනමා කෘතියෙහි අන්තර්ගත කතා වස්තුව ‍මගේ දිවිය‍ට ඍජු සම්බන්ධයක් නැතත් ඉන් ඉස්මතු කෙරෙන සමාජ යථාර්ථය මගේත් මගේ සමකාලීන හිතවතුන් බොහෝ දෙනෙකුගේත් ජීවිතවල පැතිකඩක් මැනැවින් නිරූපණය කෙරෙන බව ‍මගේ විශ්වාසයයි. එහෙයින් මම මගේ බ්ලොග් අඩවියට ඒ නම තැබීම වඩා උචිත යැයි හඟිමි.

No comments: